hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:43



ආණමඩුව නගරයේ ප්‍රධාන පෙළේ පාසලක නව වන ශ්‍රේණියේ සිසුවියක් තවත් සිසුවියන් තිදෙනෙකු සමග පාසලේ වැසිකිළියක දුම්වැටියක් උරමින් සිටියදී විදුහල්පතිවරයා ඇතුළු ආචාර්‍ය මණ්ඩලයට හසුවීමත් සමග සිසුවියන් තිදෙනාගේ මවුපියන් පාසලට කැදවා දැඩි ලෙස අවවාද කර පන්ති තහනමට ලක් කර ඇති බව වාර්තා වෙනවා.

තම පියා නිවසට රැගෙනවිත් තිබූ දුම්වැටි කිහිපයකින් එකක් මෙම සිසුවිය සොරාගෙන හොර රහසේ පාසලට රැගෙන ඒමෙන් පසු මෙලෙස පාසලේ වැසිකිළිය තුළ දුම් උරමින් සිටියදී අල්ලා ගැනීමට විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව සඳහන් වෙනවා.

දුම්වැටිය පාසලට රැගෙන ආ සිසුවිය තවත් සිසුවියන් දෙදෙනෙකු සමග වැසිකිලියට යන බව පවසමින් පැමිණ එහිදී දුම්වැටිය පත්තුකර උරා බොමින් සිට තිබෙනවා.

පාසලින් වාර්තා වූයේ මෙම සිසුවියන් තිදෙනාගේ මවුපියන් ආරක්ෂක අංශ වල හා රාජ්‍ය සේවයෙන් යුතු පිරිසක් බවයි.