hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 10:52



නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය තරුවක්.

ඇගේ සුන්දර රූප සොබාව සහ ඇය සම්බන්ධයෙන් විවිධ කරුණ හේතුවෙන් පසුගිය කාලය පුරා විවිධ කතාබහ හැදුණා.

ගොඩක් දෙනෙක් පසුගිය කාල සීමාවේදී සඳහන් කරපු දෙයක් තමයි නතාෂා සහ ප්‍රිහාන් විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරනවා කියන දේ.

ඇත්තටම නතාෂා තමන්ගෙ සමාජ මාධ්‍ය ගිණුම තුළ  ඔහුත් එක්ක ඡායාරූප පළ කරන්නේ නැහැ.

ඒ වගේම පසුගිය කාලයේ ඇය විදේශ ගත වුණාට පස්සෙ නතාෂා ඇගේ දෙවෙනි සැමියා ඇගේ දෙවැනි සැමියා අතහැර රටින් යයි කියන ප්‍රවෘත්ති පවා සැකසුණා.

ඒ දේවල් ඒ විදියට සිද්ධ වෙද්දී විදිහට සිද්ද වෙද්දි තාමත් මුනිවත රැක ගෙන හිටපු නතාෂා මේ දික්කසාදය ගැන යූටියුබ් නාලිකාවක් සමග එකතු වෙලා කිව්වේ  මේ වගේ කතාවක්.

“මගේ දික්කසාදය ගැන මගේ ඩිවෝස් එක ගැන මම කථා කරන ප්‍රථම වතාව මේක.කතා කරන ප්‍රථම වතාව කියන්නේ ඒ දේ සිද්ධ වුණා කියලා නෙමෙයි.ඒ දේ සිද්ධ වුණා කියලා යන ප්‍රවෘත්ති පිළිබඳව කතා කරන ප්‍රථම වතාව.අර අපි කියනවා නේ ගින්නක් නැතුව දුමක් නගින් නැහැ කියලා. ඔම් මං දැන් කියන්නම් ඔය දුම නගින්න හේතු වුණු ගින්න. විවාහ වෙච්ච දවසේ ඉඳලා ප්‍රිහාන් හැම දවසම කිව්වේ වෙන ආදරවන්තයින් වගේ වෙන couples වගේ අපි හැමදාම එකට වැඩ කරන්න ඕනි නැහැ කියලයි.අපිව හැම වෙලාවෙම එකට දකින්න ඕනි නෑ කියලයි.අපි ක්ෂේත්‍රයට ආවේ වෙන් වෙන් වශයෙන්.ඔයා ඔයාගෙ ගමන යන්න කියලා එයා කිව්වා.”

“අපි දෙන්න පසුකාලීන වත් එකට වැඩ කරමු කියලා කිව්වා.ඕක මුල් කාලේ කිවුවහම ඇත්තටම මට හරියට දුක හිතුණා.මම අඩලා තියෙනවා රණ්ඩු වෙලා තියෙනවා.මට ඒක දරා ගන්න අපහසු වුණා.ඕනි තැනක  උස්පහත් වීම් තතියෙනවා.ඇත්තටම මට පස්සේ ඒක තේරුණා.මට හැබැයි ඒ අවබෝධය ට එන්න ටිකක් කල් ගියා.ඇයි මට මෙහෙම කියන්න කියලා මම කලින් හිතුවා.මගේ අඩුපාඩුවක් තියෙයිද කියලා මම හිතුවා.මම හොඳ නැද්ද කියලත් මම හිතුවා.නමුත් මට මේ වෙද්දි හිතනවා ඔහු ඒ කියපු දේ ඇත්ත කියලා.අපි හැම වෙලාවෙම අපි දෙන්නයි කෙනෙක් විදිහට පෙනී සිටින්න ඕනි නැහැ.ඔය දේවල් එක්ක මම මගේ සමාජ මාධ්‍ය වල ෆොටෝස් දාන්නෙ තනියම.ඔන්න ඔය දේවල් ඔස්සේ තමයි මම අර ඉස්සෙල්ලා කියපු කතාවක් නිර්මාණය වුණේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: