2022 ඔක්තෝබර් 31, පෙ.ව. 5:32
මාතර – තිහගොඩදී පාසල් සිසුවෙකුට වෙඩි වැදීමේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ අදාළ සිසුන් ගමන් ගත් ත්‍රිරෝද රථය පොලීසිය මග හැර පලායාමට උත්සාහ දරා ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් 6 දෙනා අවුරුදු 14ත් 15 ත් අතර වයස්වල පසුවන ළමයින් වන අතර, ත්‍රිරෝද රථය පදවා ඇති බාල වයස්කරුට රියදුරු බලපත්‍ර නොතිබීම හේතුවෙන් මෙලෙස පලායන්නට ඇති බවයි.
මාතර – තිහගොඩ – නායිම්බල ප්‍රදේශයේදී ළමයින් 6 දෙනෙකු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඊට පසුපසින් පැමිණි ත්‍රිරෝද රථයක සිටි සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරියෙකු එය නතර කරන ලෙසට දැනුම්දී තිබුණා.
එහෙත් ඔවුන් නොනවත්වා ගමන් කිරීම හේතුවෙන් පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී තිබුණා.
සිසුවාට වෙඩි වැදීමේ සිද්ධියට අදාලව තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
ඔහුට එරෙහිව අභ්‍යන්තර විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති අතර ඒ අනුව විනය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේ.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07