2022 මැයි 05, ප.ව. 9:24
අරලියගහ මන්දිරයට ගාලු පාරෙන් පිවිසෙන ප්‍රධාන දොරටුව අභියස විරෝධතා ස්ථානයක් ලෙස පසුගිය 26 වනදා ආගමික වතාවත් සිදුකර පීත්ත පටි කපා කිරි උතුරවා එම ස්ථානය විරෝධතා ස්ථානයක් ලෙස ආරම්භ කෙරුණා.
එය නම් කර තිබෙන්නේ “මයිනාගෝගම” ලෙසයි.
මේ අතර ඊයේ (04) අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදික වේදිකාව මෙම අරගලකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් ඊයේ “මයිනාගෝගම” අරගල භූමියේදී හරි අපුරු සිදුවීමක් සිදු වුණා.
ඒ සම්බන්ධයෙන් හැමෝම කතා කරන්න පටන් ගත්තා.
ඒකට හේතුව එකම එක ජායාරූපයක්.
අරගල භූමිය ඉදිරිපිට රාජකාරී කරන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් මහා වැසි වලින් ආරක්ෂා වෙන්න අට්ටාල වෙත යාම ක් සිදු කළා.
බොහෝ දෙනෙක් කියා සිටියේ “මන්දිර රකින්න ආපු අයටත් වැස්සට යන්න තියෙන්නේ අරගල කූඩාරම් යටට තමයි” කියලයි.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07