hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 23, පෙ.ව. 9:04



බ්‍රසිලියානු නිරූපිකාවකට පසුගිය දිනක අසුන් වලටත් වඩා වඩා විශාල වීම නිසා ගුවන් යානයට ගොඩ වීම තහනම් කරපු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් ඇයට සිදුකරනු ලැබූ මානසික පීඩනයට එරෙහිව මේ වන විටත් ඇය නීතිමය පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

38 හැවිරිදි Juliana Nehme නම් මෙම තරුණිය හට මෙය සිදුව ඇත්තේ කටාර් එයාර්වේස්  ගුවන් යානයකට ගොඩ වෙන්නට සිටි අවස්ථාවේදියි බවයි සඳහන් වෙන්නේ.

එසේ ම තමන්ගේ බර ප්‍රමාණය ගැන කියමින් අපහාස හා වෙනස් කම් කළ බවට ද ඇය චෝදනා නඟනවා.

“ඔවුන් මගේ ගමන් බිමන් සඳහා ඇති අයිතිය ප්‍රතික්ෂේප කරනවා. මම මංමුළා වුණා. මට උදව් කරන්න… මම මහත නිසා මම ගොඩ වෙනවට එයාලා කැමති නැහැ..”

කෙසේ හෝ වේවා, ඇය ගොනු කරන ලද පැමිණිලි මත මේ වන විට කටාර් එයාර්වේස් වෙත උසාවි නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: