hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 17, ප.ව. 1:38



ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති වරයා වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පෙරේදා පස්වරුවේ එම ඝාතනය සිදු වීමට පෙර ඔහු තම බිරිඳට පවසා ඇත්තේ තමන්ට අය විය යුතු රුපියල් කෝටි ගණනක මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයෙක් හමුවීමට යන බවයි.

ඊට ටික වේලාවකට පසු බිරිඳ දුරකථන ඇමතුමක් ගත්තද එය ක්‍රියා විරහිත ව තිබීමෙන් තිබීම නිසා බිරිඳ ඒ මොහොතේ දුරකථන සංඥා ලැබී ඇත්තේ බොරැල්ල සුසාන භූමිය අසල සිට බව හදුනාගෙන තිබෙනවා.

බිරිඳ මේ සම්බන්ධයෙන් සමාගමෙන් තව නිලධාරියෙකුට දැනුම් දීමෙන් පසු ඔහු කළ සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ සභාපති වරයා තම මෝටර් රථයේ රියැදුරු අසුන මත ගැටගසා වයරයකින් ගෙල ගැටගසා තිබෙන අයුරුයි.

අධ්‍යක්‍ෂවරයා විසින් සභාපතිවරයා වහාම රෝහල් ගත කර ඉන් ටික වේලාවකට පසු ඔහු මියගොස් තිබෙනවා.

දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෝටර් රථය බොරැල්ල කනත්ත ඉදිරියෙන් ගමන් කරන ආකාරය දැක්වෙන cctv දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

https://youtu.be/81tr0HVuJfQ

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: ඝාතනයට හේතුව එක්ක තවත් කරුණු රැසක් එළියට

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය: සහෝදරයෙකුගෙන් ට්විටර් පණිවිඩයක්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය පිටුපස ක්‍රිකට් වලට සම්බන්ධ අයෙකුත්

රටම කැළඹු ජනශක්ති සභාපති ඝාතනය : සැමියා ගැන පළමු හෝඩුවාව බිරිඳගෙන්

ජනශක්ති සභාපති ඝාතනය : බොරැල්ල කනත්තේ කම්කරුවෙකු සියසින් දුටු දේ පාපොච්චාරණය කරයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: