2022 අගෝස්‍තු 12, ප.ව. 2:14
හිටපු ජනාධිපතිවරයෙක් සහ හිටපු අගමැතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා ඔහු ප්‍රතිකාර ලබන රෝහල වෙත ගොස් ඇති බව වාර්තා වෙනවා.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර ඇතැයි ද වාර්තා වෙනවා.
ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම් දී තිබෙනවා.
ඉකුත් ජුලි මස 2 වැනිදා අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිය මෝටර් රථයෙන් ගමන් ගන්නා විට දී අලියකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි මහතා බරපතළ තුවාල ලැබුවා.
ජැක්සන් ඇන්තනි මහතා එම අනතුරින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැය 7ක ශල්‍යකර්මයකටද භාජන කෙරුණා.
මේ වන විටත් රෝහල් ගතව සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනිට සුවය පතා රට පුරා බෝධි පූජා ඇතුළු පින්කම් රැසක් පසුගිය දිනවල සංවිධාන කරනු ලැබුවා.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07