hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 04, පෙ.ව. 9:01



ගාලු මුවදොර ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය අද අඛණ්ඩව 26 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඊයේත් විශාල පිරිසක් එහි රැස්ව සිටියා.

සර්ව ආගමික නායකයින්, තරුණ තරුණියන්, සිවිල් ක්‍රියාකාරකයින්, කලාකරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයින් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වතුන් ද ඒ සඳහා එක්ව සිටින බව සදහන්.

මුස්ලිම් බැතිමතුන්ගේ උපවාස කාලය නිමා කරමින් ඔවුහු ඊයේ රාමසාන් උත්සවට පැවැත් වු අතර, බොහෝ මුස්ලිම් බැතිමතුන් සංවිධානගත වී දිවා ආහාර ඇතුලු විවිධ ආහාර පාන වර්ග රැගෙන දහවල් අරගල භූමිය වෙත පැමිණ අරගලකරුවන් සමග එක්‌ව ආහාර බෙදා ගෙන අනුභව කිරීම  විශේෂ සිද්ධියක් වූණා.

එමෙන්ම මුස්ලිම් බැතිමතුන් ස්වාමින් වහන්සේලාට දන් පිරි නැමිමක්ද අරගල භූමියේදී සිදු වුණා.

May be an image of 3 people, people standing and people sitting
May be an image of 9 people and people standing
May be an image of 3 people, people standing, people sitting and outdoors