hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 08, ප.ව. 1:55



ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොර ආරම්භ කළ විරෝධතාව අද (08) 30වන දිනටත් ක්‍රියාත්මකයි.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද පෙරවරුවේ ද විවිධ ප්‍රදේශවල පිරිස් අරගල භූමියට පැමිණ විරෝධතාවයේ නිරත වූ බවයි.

ගාලුමුවදොර විරෝධතාවට විවිධ කලා ක්‍ෂේත්‍රයන්හි ශිල්පීන් එක්වූ අතර, ඊයේ (07) පස්වරුවේ හඬකැවීමේ ශිල්පීන් එහි පැමිණියේ පාගමනින්.

මේ අතර 74 වසරක සාපය නිමාකරන්න ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙසත් ඉල්ලමින් ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් ඊයේ (07) පස්වරුවේ කොළඹ හයිඩ්පිටියේ සිට ගාලු මුවදොරට පැමිණියා.

පාගමනින් වැඩම කළ භික්ෂූන් වහන්සේලා තරුණ අරගලයට එක් වූවා.

එයට භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ඊට එක්ව සිටියා.