hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 24, ප.ව. 5:43



ජනාධිපති, අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඉවත්වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල සිසුන් මේ වන විට කොළඹ විජේරාම මාවත ප්‍රදේශයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස වටලා දැඩි විරෝධයක් එල්ල කරමින සිටිනවා.

ඇතැම් සිසුන් තාප්පය මත නැග සිය විරෝධය එල්ල කරන අතර නිල නිවෙසට ඇතුළුවන ගේට්ටුව අසල කළු කොඩි ඔසාවා ඔවුහු විරෝධය දක්වා තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් අගමැති නිල නිවස ආසන්නයට පැමිණීමේදී උණුසුම් තත්වයක් හටගෙන ඇතැයි වාර්තා වනවා.

විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන් අගමැතිගේ නිල නිවසේ තාප්පයේ විවිධ සටන් පාඨ සටහන් කර තිබෙන ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එම ජායාරූප පහතින්,

No photo description available.
May be an image of 4 people and outdoors