hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 06, පෙ.ව. 10:17



බොරැල්ල ඉන්ධන පිරවුම්හලක පෝලිමේ රැඳී සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසනවා.

මිය ගිය පුද්ගලයා 60 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

ඉන්ධන ලබා ගැනීම සඳහා දින 3ක සිට රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මිය ගිය පුද්ගලයා සමඟ අනෙක් වාහනයේ සිටි අයෙක් සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා,

“මගේ වයිෆ් එහා පැත්තට ඇවිල්ලා කෑම ගෙනල්ලා දුන්නා. මට උදේ කෑම අරන් දීපු මහත්තයට නොදී මට කෑම කන්න බැහැනේ. ඊට පස්සේ මේ මහත්තයා කාර් එක ඇතුළේ ඉන්නවා මම දැක්කා. දැකලා මම දොර ඇරලා මහත්තයා මහත්තයා කියලා කතා කළා. එතකොට මහත්තයා කතා කළේ නැහැ. ඊට පස්සේ අවට ඉන්න කට්ටියගෙන් උදව් ඉල්ලුවා මේ මහත්තයා කතා කරන්නේ නැහැ කියලා.”