2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:14
දඹුල්ල ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකින් ඩුබායි ගෘහ සේවය සඳහා ගිය කාන්තාවක් ඩුබායිහි රැදවුම් කඳවුරක මාස තුනක කාලයක් ගතකොට මෙරටට පැමිණ එහි කාන්තාවන් විදින විවිධ දුක් කරදර බාධක පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කළා.
දඹුල්ල දඹුලුඔය ප්‍රදේශයේ පදිංචි ලලිතා පද්මිණී මහත්මිය මෙම අමිහිරි අත්දැකීම් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට, දඹුල්ල පොලීසියට මෙන්ම තමන් විදේශගත කළ රැකියා නියෝජිත ආයතනයට පවා දැනුම් දුන්න ද මෙතෙක් ඊට කිසිදු සාධාරණයක් සිදු වී නැති බව පවසනනවා.
එමෙන්ම ඩුබායිහි තමන් රඳවා සිටි ස්ථානය තවත් ලාංකික කතුන් 85 දෙනෙකු කාමරයක දමා සිර කරගෙන සිටින බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
දඹුල්ල ප්‍රදේශයේ ඩුබායිහි රැකියා ලබා දෙන පෞද්ගලික විදේශ රැකියා ආයතනය මගින් ඩුබායි යැවූ කාන්තාවකගේ සහෝදරියක වන දුලිකා ප්‍රියන්ති මහත්මියද මේ වන විට තම සහෝදරිය එරට අතරමංව සිටින සිද්ධිය පිළිබඳව ද හෙළිදරව් කළා.
මාස තුනක පමණ කාලයක් ඩුබායිහි කදවුර සිර කරගෙන සිටියදී තම දුවා දරුවන් විශාලම මුදලක් ණය වී මෙරටට පසුගියදා තමාව ගෙන්වා ගත් බව ලලිතා පද්මිණී සඳහන් කර සිටියා.
වැඩිදුරටත් ඇය කියා සිටියේ සංචාරක වීසා මත මෙම රැකියා ආයතනය මගින් විශාල කාන්තාවන් පිරිසක් ඩුබායි රටට දිනපතා යවන බවයි.
යවන සියලුම කාන්තාවන් එරට රැඳී සිටින රැකියා නියෝජිතවරියක් සහ තවත් කිහිප දෙනෙකු භාරගෙන ඔවුන් විශාල කාමර වල දමා දිනකට එක වේලක් හෝ ආහාර දී අනෙකුත් සියලු සනීපාරක්ෂක කටයුතු හෝ ආහාර නොමැතිව ඇඳුම් පැළඳුම් නොමැතිව දුක් විඳින බවයි.
ඇතැම් දිනවල මෙම කාන්තාවන් දින දෙක, හතර, පහ සතිය ආදී වෙනත් නිවෙස් වලට යොමු කොට එම මුදල විදේශ රැකියා ආයතන මඟින් ලබා ගන්නා බවද ඇය සඳහන් කළා.
තමන් රැඳී සිටි ස්ථානයේ හිරු එළිය පවා නොවැටේ දොරගුලු ජනෙල් වසා දමා දවස පුරා සිරකර ගෙන සිටින බවද ඇය අමිහිරි අත්දැකීම් රැසක් විස්තර කරමින් කියා සිටියේ එකිනෙකා යට ඇදුම පවා මාරු කරගෙන අදින බවත් අඩුම තරමේ දිය නෑමට සබන් කැටයක් හෝ නැති බවත් එක වැසිකිලිය කාන්තාවන් 85 ක් දෙනා භාවිතා කරන බව පැවසුවා.
මහල් කීපයකින් යුත් එම ස්ථානයේ අනෙකුත් මහල්වල පිරිමි පුද්ගලයන් සහ තවත් කාන්තාවන් සිටින බවත් ඔවුන් කොපමණ ප්‍රමාණයක් සිටින්නේ ද නොදන්නා බවද පද්මිණී මහත්මිය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම දුලිකා ප්‍රියන්ති නැමති කාන්තාව කියා සිටියේ තම සහෝදරිය ඩුබායි රටට යවා මේ වන විට මාස තුනක කාලයක් ගතව ඇතත් මෙතෙක් රැකියාවක් ලබා නොදී ඇය සිර කරගෙන සිටින බවයි.
නිවසට කතා කිරීමට හෝ අවස්ථාවක් නොලැබෙන බව ද ඇය සඳහන් කළ අතර තවත් පිරිසක් එහි රැඳී සිටින බව ද ඇය ද කීවා.
දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති පෞද්ගලික විදේශ රැකියා ආයතනයේ හිමිකරුට ඒෂියන් මිරර් අප දුරකථනය හරහා කථා කිරීමේ දී ඔහු කියා සිටියේ තමන් විදේශ රැකියා සඳහා යැවූ අයට කෙසේ හෝ රැකියා ලබාදීම සිදුකරන බවයි.
එමෙන්ම ඔවුන් රැකියා කිරීම සඳහා අකමැත්තක් දැක්වීම නිසා රැඳී සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
එමෙන්ම මෙම බරපතළ කාන්තා හිංසනය මෙන්ම ශ්‍රමිකයන් සූක්ෂම ලෙස අලෙවි කිරීම් සිද්ධීන් සම්බන්ධයෙන් ඩුබායි රැඳී සිටින තැරැව්කාර රැකියා නියෝජිතවරියටද ඒෂියන් මිරර් අප දුරකථනය හරහා කරුණු විමසීමේදී ඇය කියා සිටියේ ද කාන්තාවන්ගේ හැසිරීම් රටාව නිසා මෙවැනි තත්ත්වයන් වලට පත්ව තිබෙන බවයි.
වැඩඩිදුරටත් තොරතුරු විමසීමේදී ඇය තම දුරකථනය විසන්ධි කිරීම ද විශේෂත්වයක්.
දඹුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති රැකියා නියෝජිත ආයතනයේ සේවිකාවකට නැවත ඇමතුමක් ලබා ගනිද්දී ඇය නමක් සඳහන් කිරීමට හෝ නොහැකි බවත් කෙසේ හෝ මෙම ප්‍රශ්නය පොලිසිය හා විදෙස් සේවා නියුක්ති කාර්යාංශය හරහා විසදා ගන්නා ලෙස ඇය සඳහන් කළා.
දඹුල්ල – කාංචන කුමාර ආරියදාස
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07