2022 අගෝස්‍තු 04, පෙ.ව. 11:46
ගිනිගත්හේන ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් සැඩ පහරට හසු වි ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත් වු මිත්තණිය සහ මිණිබිරියගේ අවසන් කටයුතු අද (04) දින හගරාපිටිය බොකරබැවිල ඔවුන් පදිංචිව සිටි ඉඩමේ සිදු කරන බව පොල්පිටිය පොලිසිය පැවසුවා.
මෙසේ සැඩ පහර හසු වි මියගියේ එන්.එම්.ආරියවති සහ ඩි.ජි.දහම්සා සංජිවනි නැමති පෙර පාසල් දැරියක්.
ඉකුත් (01) දින පෙර පාසල් අවසන් වී සිය මිත්තණිය සමඟ නිවසට යමින් සිටියදි පොල්පිටිය හිටිගේගම විහාරස්ථාන අසලින් කැළණි ගගට ජලය ගලා බසිනා ඇළ මාර්ගය තරණය කරන අවස්තාවේ මිය ගිය දෙදෙනා සහ මිය ගිය දැරියගේ සොහොයුරියක් සැඩ පහරට හසු වි ගසාගෙන ගිය අවස්තාවේ මිය ගිය දැරියගේ සොහොයුරිය ගසක අත්තක් අල්ලාගෙන අනතුරෙන් මිදි තිබෙනවා.
ඇයද තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.
දේහයන් අද (04) දින පස්වරුව වන තෙක් හගරාපිටිය බොකරබැවිල නිවසේ තැන්පත් කර ඇති අතර මිය ගිය දෙදෙනාට අවසන් ගෞරව දැක්විම සමග විශාල පිරිසක් එම නිවසට පැමිණ සිටිනවා.
හැටන් – රංජිත් රාජපක්ෂ
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07