hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 17, ප.ව. 1:41



මේ දවස් වල ආසියානු විස්සයි විස්ස තරගාවලියේ කුසලතාවය දිනා දිනාගැනීමත් සමග  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අති විශාල ජනතා ආදරයක් හිමිවෙලා තියෙනවා.

ශ්‍රී ලංකාවේ  ක්‍රිකට් කණ්ඩායම තුළ මේ පවතින තත්ත්වය උදා කරන්න ඇප කැප වෙලා වැඩ කරන ක්‍රිකට් කණ්ඩායමෙ නායක දසුන් චානක ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා.

ඒ ඔහුගේ නොපසුබස්නා උත්සාහය සහ සියලු දෙනා දිරිගන්වමින්  ජයග්‍රහණය කරා ගෙන යන නායකත්වය නිසාම තමයි දසුන් අද වෙද්දි සාර්ථක වෙලා ඉන්නේ.

අද වන විට ඒ දක්ෂතා තුළින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙන්නත් දසුන්ට අවස්ථාව ලැබුණා.

නමුත් ඔහු කොයිතරම් දක්ෂතා දැක්වූ වත් කවදාවත් නායකත්වය බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් නෙවෙයි.

ඒ ගැන හොඳටම දන්නේ දසුන්ගේ ආදරණීය අම්මා.

ඇය කිව්වේ ඒ ගැන මේ වගේ කතාවක්.

“දිගටම දක්ෂතා දක්වයි කියලා  මට  මට හිතුනු වෙලාවල් තිබුණා මෙයා ගොඩක් දක්ෂයි.මෙයා 13න් පහළ ඉන්නකොට 23න් පහළ මැච්වලට පවා පාසලෙන් මෙයාව එක්කන් ගියා. මොකද ඒ කාලේ මෙයා දිගට හරහට ගහනවා. හැබැයි මෙයාගෙ හඳහන බලපු වෙලාවක කියවුණා මෙයා ජාතික කණ්ඩායමට ආවොත් නායකත්වය පවා ලැබෙනවා කියලා. අන්තිමට ඔහුට නායකත්වය ලැබුණා.ඒත් පුතා නායකත්වය නම් බලාපොරොත්තුවෙන් ක්‍රීඩා කළේ නැහැ”