hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 16, ප.ව. 7:42



කුරුණෑගල දිස්ත්‍රික්කයත්, අනුරාධපුර දිස්ත්‍රික්කයත්, මාතලේ දිස්ත්‍රික්කයත් මායිම්ව පිහිටා ඇති කැකිරාව පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කලුගල ගම්මානයේ ජනතාව බොහෝ දෙනෙකු විවිධ රෝගාබාධවලට ලක්ව දැඩි ආර්ථික දුෂ්කරතාවයන් වලට ලක්ව සිටින බව  ගම්වාසීහු පවසයි.

මෙම ගම්මානයේ ජීවත්වන පවුල් රැසක් මෙන්ම එකම පවුලේ කිහිප දෙනෙකුම පාහේ වකුගඩු රෝගය, අංශභාග රෝගය, හෘද රෝග, අක්මා රෝග ආදී විවිධ බෝ නොවන රෝග රැසකට ලක්ව උග්‍ර ආහාර අර්බුදයකටද ලක්ව සිටිනවා.

මෙම ගම්මානයේ කුඩා තරුණයන් දෙදෙනෙකු තම ගම්වාසීන් විඳින පීඩාව පිළිබඳව  ප්‍රදේශයේ වගකිව යුතු රාජ්‍ය   නිලධාරින්ට දැනුවත් කිරීම් කළ ද එහෙත් මේ දිනවල පවතින දුෂ්කරතාවයට කිසිවෙකුගේ අවධානය යොමු වී නැහැ.

අහස් දියෙන් බොහෝ දෙනෙකු ගොවිතැන් බත් කරන පවුල් සිටින නිසා මේ දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා ගොවිතැන් සිදු කර ගැනීමට නොහැකි බවත් උසස් අධ්‍යාපනය ලබන බොහෝ දුවා දරුවන් අධ්‍යාපන කටයුතු අතර මඟ දමා විවිධ ලෙඩ රෝගවලින් පසුවන තම දෙමව්පියන් ජීවත් කර කරවීම සඳහා විවිධ කුලී වැඩ සොයාගෙන යන බව ඔවුහු හැඬු කඳුළින් ඒෂියන් මිරර් අප සමග පැවසුවා.

පිරිසිදු පානීය ජලය ටිකක් සොයා ගැනීම දුෂ්කරම කාර්ය බවත් දැනට ප්‍රදේශයට ලැබෙන ජලය දින තුනකට පැය දෙකකට පමණක් සීමා වී තිබෙන බවත් ජනතාව සඳහන් කර සිටියා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස