2022 මැයි 20, පෙ.ව. 5:40
පසුගිය 9 වනදා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට පැමිණ සිටියදී ගිනි තබා බේරේ වැවට දැමූ බස් රථයේ හිමිකරු වන ඩබ්ලිව්.ඒ රත්නසිරි මහතා මාධ්‍ය වෙත අනාවරණයක් සිදු කළා.
තම බස් රථය කැස්බෑව පිටකොටුව (120) මාර්ගයේ ධාවනය වන එකක් වන අතර එය රුපියල් 15000ක කුලී පදනමක් මත මෙලෙස ලබාදී තිබු බවයි ඔහු සඳහන් කළේ.
මෙම සිද්ධිය හමුවේ මේවන විට ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර බස් හිමිකරුවෙකු වුව ද තමා අංශභාග රෝගියෙකු බව ඔහු සඳහන් කළා.
තමා සතුව තිබූ එකම බස් රථය ගිනි තබා විනාශ කිරීම හේතුවෙන් මේවන විට තමන්ට කිසිදු ආදායමක් නොමැති අතර දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කිරීමට පවා මුදල් නොමැති බවයි ඔහු කියා සිටියේ.
තමන්ට තිබූ එකම ආදායම් මාර්ගය මේ වන විට අහිමි වී ඇති බැවින් තමන්ට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන ලෙසටයි ඔහු හැඩූ කඳුලින් ඉල්ලා සිටියේ.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07