hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:36



කන්දකැටිය වෙන්දේසිවත්ත ප්‍රදේශයේදී පෙරේදා (31) පස්වරුවේ කැත්තකින් කළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ හත්හැවිරිදි පිරිමි දරුවකු ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව කන්දකැටිය පොලිසිය පැවසුවා.

31දා දින පස්වරු හයට පමණ මම පුතාට රුපියල් සීයක් දී කඩයට ගොස් දුරකථනයට දැමීමට කාඩ්පතක් රැගෙන එන ලෙස පැවැසුවා. කඩයට ටිකක් දුර යන්න තියෙනවා. යන්න තියෙන්නෙත් කැලෑබද පාරකින්. එලෙස කඩයට ගිය පුතා කෑ ගසන ශබ්දයක් ඇසුණ නිසා ගැරැඩියකුටවත් බය වෙලාද කියලා සැකසිතී මම දුවගොස් බලන විට දරුවා කැපුම් තුවාල සහිතව බිම වැටී සිටිනු දුටුවා යැයි දරුවාගේ පියා වන කේ.එම්. විජේකුමාරතුංග මහතා සඳහන් කළා.

දරුවා අතේ තිබූ රුපියල් සියය ගැනීමට මෙසේ පහරදී ඇතැයි දැනට අනාවරණය වී තිබෙනවා.

මෙම පහරදීම කළ බවට සැක කෙරෙන පුද්ගලයා මෙම දරුවා කඩයට යෑමට පෙර තම නිවෙසට පැමිණි බවත් එහිදී තේ කෝප්පයක් බොමුදැයි ඇසූ විට එපා යැයි පවසා බුලත් විටක් කා නිවෙසින් පිටව ගිය බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙලෙස තුවාල ලද දරුවා මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් දැඩි පරිශ්‍රමයක් දරා ජීවිතය බේරා ගැනීමට කටයුතු කර තිබුණා.

මෙම පහරදීමෙන් දරුවාගේ වම් අතට සහ දකුණු පෙණහැල්ලට දැඩි හානියක් සිදුව තිබූ බවත් බදුල්ල මහ රෝහලේ අඩුපාඩු තිබුණද වෛද්‍යවරුන්ගේ දක්‍ෂතාව මත මෙවැනි අනතුරුවලට භාජන වූ දරුවන් බොහෝ දෙනකුගේ ජීවිත බේරා ගැනීමට පසුගිය කාලයේ හැකිවූ බවත් හදිසි අනතුරු ඒකකයේ වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා සඳහන් කළා.

වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන පහතින්,