hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 15, ප.ව. 1:17



යක්කලමුල්ල නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ATM යන්ත්‍රයේ සිරවි තිබියදි හමු වු රුපියල් එක් ලක්ෂ හැට පන්දහසක මුදලක්  එහි හිමිකරුවන යක්කලමුල්ල උඩුමලගල පදිංචි එච්.එල්.ආර්.කේ.ප්‍රියදර්ශන මහතා වෙත ලබා දීමට ගිංතොට මහාවිද්‍යාලයේ සේවය කරන එම්.එස් දහානයක මහතා විසින් කටයුතු කර තිබෙනවා.

මෙම මුදල ලබා දීම යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන හේවගේ මහතා ඉදිරියේ දි යක්කලමුල්ල පොලිස් ස්ථානයේ දි  සිදු වුණා.

ප්‍රියදර්ශන මහතා විසින් මෙම මුදල යක්කලමුල්ල නගරයේ පිහිටි ATM යන්ත්‍රයේ තැන්පත්කොට තිබෙනවා.

එහෙත් එම මුදල නිසි පරිදි යන්ත්‍රයේ තැන්පත්වි තිබෙනවා.

ටික වෙලාවකට පසු එම්.එම්.දහනායක මහතා විසින් තම පුතු සමග මෙම ATM යන්ත්‍රය වෙත මුදලක් තැන්පත් කිරිම සදහා පැමිණ තිබෙනවා.

එහෙත් මුදල් තැන්පත් කිරිමට යාමේ දි යන්ත්‍රයේ හිරවි ඇති මුදල් ඉවත්කර ගන්නා ලෙස පණිවුඩයක් ලැබි තිබෙනවා.

ඉන්පසු දහනායක මහතා විසින් එම මුදල ඉවත් කරගෙන තමන් රැගෙන ආ මුදල යන්ත්‍රයේ තැන්පත්කොට තිබෙනවා.

පසුව ඔහු මේ පිළිබද අදාල රාජ්‍ය බැංකුව හා යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත්කොට මෙම මුදල් එහි හිමිකරු වෙත ලබාදිමට කටයුතු කර තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද