2022 අප්‍රේල් 21, ප.ව. 12:42
ඉන්ධන විෂය ඛනිජ තෙල් අමාත්‍යංශයට අයිති වුවත් ඉන්ධන මිල සංශෝධනය කිරීමට අනුමැතිය ලබාදීම මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සතු වගකීමක්.
ඒ සම්බන්ධයෙන් අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
ලිපිය කෝ
එසේ ප්‍රශ්න කළේ සමගි ජන බලවේගය නියෝජනය කරන ආචාර්ය හර්ෂ ද සිල්වා.
ඉකුත් 18 වෙනි දින ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (සිපෙට්කෝ) මිල ගණන් වැඩි කිරීම සඳහා ලබා දුන් මුදල් ඇමැති අනුමැතිය සභාගත කරන ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා ඉල්ලා සිටියා.
ඊට ප්‍රථමයෙන් ප්‍රතිචාර දැක්වුයේ විෂය භාර අමාත්‍යවරයා නොව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතායි.
විෂය භාර ඇමති
අදාල අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් වූ ලිපිය ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔහු සඳහන් කළා.
ඉන්පසුව නැගී සිටියේ විෂය විෂයභාර අමාත්‍ය කාංචන විජේසේකර මහතායි.
ඔහු තෙල් මිල ගණන් වැඩි කිරීමට අනුමැතිය ලබා දීම සම්බන්ධයෙන් වූ ලිපිය ගැන පිළිතුරු නොදුන් අතර සමගි ජන බලවේගය මෙසේ ඒ ලිපිය ගැන විමසීමෙන් සිදු කරන්නේ තව තවත් ජනතාව කුලප්පු කිරීමක් බවට චෝදනා කළා.
කවුරු සිටියත්
සිය ඇමැති ධුරයේ මෙන්ම මුදල් ඇමති ධූරයේ කවුරු සිටියත් මේ අවස්ථාවේ තෙල් මිල ගණන් වැඩි කිරීමට සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
තෙල් මිල ගණන් වැඩි කිරිමට පෙර එදින පාන්දරම මුදල් ඇමති ෂබ්රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමට සහභාගී සඳහා ඇමරිකාව බලා පිටත්ව ගියා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31