2022 ජූනි 23, පෙ.ව. 3:07
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා අගමැතිවරයාගේ නිර්දේශය අපේක්ෂාවෙන් පසුවන බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ඒ මහතා වත්මන් ආර්ථික අර්බුදය කළමණාකරණය සඳහා ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ආර්ථීක විශේෂඥයන්ගේද පැසසුමට ලක්වුණා.
කෙසේ වෙතත් ඔහුගේ ධූර කාලය ජුනි 30 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වූ මහ බැංකු අධිපති ධුරය සඳහා පත් කෙරුණා.
කබ්රාල් මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත්වීම ලැබූ අතර ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පුර්ණ වසර හයක ධුර කාලයක් සඳහා නැවත පත් කරන බවට තවමත් ස්ථිර කර නෑ.
ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ධුරයෙන් ඉවත් නොකරන ලෙස මහබැංකු හිටපු කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක්ද ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
මහ බැංකු අධිපතිවරයා පසුගියදා විදෙස් මාධ්‍යයට පවසා තිබුණේ මහ බැංකු අධිපතිවරයා ලෙස සම්පුර්ණ වසර හයක ධුර කාලය සේවය කිරීමට කැමති බවයි.
“මම මහබැංකු අධිපති ධුරය භාර ගනිද්දී බලාපොරොත්තු වුණේ නැහැ මාස දෙකක් වැඩකරලා අයින් වෙලා යන්න.එහෙම දෙයක් වෙනවා කියලා දැනගත්තා නම් මම තනතුර භාරගන්නේ නැහැ.මෙම ආර්ථික අර්බුදය මාස දෙකක් ඇතුළත විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමේ.මේ ආර්ථික අර්බුදය යහපත් අතට හැරෙන්න කලින් නරක අතට හැරේවි.මම දිගටම වැඩකටයුතු කරගෙන යාමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙන්නේ” යැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අදහස් පළ කර තිබුණා.
කෙසේ වෙතත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිධූරයෙන් විශ්‍රාම ගැන්වීමේ කටයුත්තක් ආණ්ඩුව තුළ ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වනවා.
ඒ අනුව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් කිරීමේ වෑයමක් පවතින අතර එය පරාජය කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසූවේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් මහ බැංකු අධිපති ධූරයේ තබා ගැනීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31