2022 ජූනි 19, පෙ.ව. 5:17
ඉන්ධන හිඟය නිසාවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුල එළවළු අලෙවිය විශාල වශයෙන් පහත වැටී එළවළු අලෙවි කර ගැනීමට පවා නොහැකිව ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (17) අලුයම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගොවීන් එළවළු තොග ගෙනැවිත් තිබෙනවා.
කෙසේවෙතත් පිට පළාත්වල එළවලළු මිලදී ගැනීම සඳහා වෙනත් දිනවලදී පැමිණෙන වෙළඳුන්ගේ පැමිණීම 90% කටත් වඩා අඩු තත්වයක පැවතීම හේතුවෙන් එළවළු මිලද සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව ගොවින් පවසනවා.
ඇතැම් එළවළු අලෙවි කර ගැනීමට නොහැකි ව විනාශ වී යන බව ද ගොවීන් පෙන්වා දෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ ලැබෙන කැරට්, බෝංචි, ලීක්ස් ආදී එළවළු වර්ග අලෙවි වීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ගොඩගසා තිබෙනවා.
ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ සිට තම අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කරා රැගෙන ආ බවත් කෙසේ වෙතත් එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොපැමිණීම නිසා වියදම හෝ අවම කරගැනීමට නොහැකි තත්ත්වයකින් පවතින බව උඩරට ගොවීන් සහ අතරමැදි වෙළඳ කණ්ඩායම් සඳහන් කළා.
පසුගිය දිනවල ඉහළ ගොස් තිබූ එළවලු මිල මේ වන විට වෙළෙන්දන් ඉල්ලන මුදලකට ලබා දීමේ තත්වයක් පවතින බව ද එම ගොවියෝ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
ගොවීන්, ව්‍යාපාරිකයන් කියා සිටියේ වගා බිම්වල එළවළු අස්වැන්න තිබුණද එළවළු රැගෙන ඒමට නොහැකිව වගාබිම්වල එළවළු විනාශ වී යාමේ අවදානමක් පවතින බව ද ඔවුහු පෙන්වා දෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙනදා විශාල වශයෙන් ජනතාව රැඳී සිටියද මේ දිනවල බොහෝ දෙනා ඉන්ධන පෝලිම් වල සිටීම නිසා වෙළදාම් කටයුතු අඩපණ වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31