hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූනි 07, ප.ව. 3:11



හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් සෙන් ජොන් ටිලර් දමිල මහා විද්‍යාලයේ පන්ති කාමරයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරිම සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පතිවරයාගෙන් ඊයේ (06) දින ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ෂණයක් ආරම්භ කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

පාසල් නිවාඩු සමයේ ඉකුත් (26) දින රාත්‍රියේ එම පාසලේ 11 වසරේ පන්ති කාමරයකට ඇතුල් වි ඇති කිසියම් පිරිසක් එහි තුල මත්පැන් පානය කර පන්ති කාමරයේ තිබු බිත්තිය සවි කර තිබු අල්මාරියක් ගිනි තබා විනාශ කර ඇති බවයි විදුහල්පතිවරයා විසින් නොර්වුඩ් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ.

එම අල්මාරිය තුල තිබු ළමුන්ගේ පෞද්ගලික වාර්තා කිහිපයක් විනාශ වි ඇති බවත්, තවද පාසලේ වීදුරු ජනේල කිහිපයක්ද කඩා විනාශ කර ඇති බව එම විදුහලේ අචාර්ය මණ්ඩලය කියා සිටියේ.

ගිනි තැබිමට විරෝධය පාමින් එම පාසලේ අචාර්ය මණ්ඩලය ඊයේ (06) දින ඉගැන්විම් කටයුතු වලින් ඉවත් වි සිටියා.

එම පාසලේ  අපොස සමාන්‍ය පෙල දක්වා ඉගැන්විම් කටයුතු සිදු කරන අතර ළමුන් 700 පමණ එම පාසලේ අධ්‍යාපනය ලබයි.