hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 ජූනි 01, පෙ.ව. 4:32



සිය පියා අතහැර යෑමෙන් පසුව අධ්‍යාපනයට සම්පූර්ණයෙන් සමුදී මව හා මලනුවන් දෙදෙනාත්, නැගණියත් කුලී වැඩ කර ජීවත් කරවන 16 හැවිරිදි සිසුවෙක් පිළිබද  පුවතක් ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ලශාන් නිසංසල නම් වූ මෙම 16 හැවිරිදි සිසුවා කුලී වැඩ කිරිම, ඉදිකිරීම් ක්ෂේස්ත්‍රයේ අත් උදව් කිරිම ආදි විවිධ රැකියාවන් දිනපතා සිදු කරමින් මෙම අසරණ වූ දරු පවුල් රැකීම සිදු කරනවා.

මෙම අසරණ පවුලට කිසිදු ආකාරයකින් කාගේ හෝ සරණක් නොමැති වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.

රත්මලගාල වෙල් කොටුව පාර, පට්ටිවෙල, ගලේවෙල යන ලිපිනයේ පදිංචිව සිටින ඊ.එම්.ඉන්ද්‍රානි නිශාමාලි  ඒකනායක මවත් වයස අවුරුදු 10 ක් වූ ලදීශ මිහිරංග, වයස අවුරුදු 13 ක් වූ ලක්ෂාන් ඉඳුරංග, තවමත් තුන් වැනි වියේ පසුවන සෙනාලි වහන්සා යන දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් කරවනවා.

 දිනකට එක වේලක් ආහාර පිස දරුවා ගෙනැවිත් දෙන මුදල ඉතා අරපරිස්සමෙන් සකසුරුවමින් යුතුව වියදම් කරන බව දරුවන්ගේ මව න්ද්‍රානි පැවසුවා.

මෙම 16 හැවිරිදි සිසුවා 10 වැනි වසරේ සිට පාසල් ගමනට සම්පුර්ණයෙන් සමු දී සහෝදරයට අධ්‍යාපනය ලබාදෙන්නට වෙහෙසෙනවා.

ඔහුට බරපතළ ම ප්‍රශ්නය වී ඇත්තේ තම තුන් හැවිරිදි නැගණිය හඳුනා නොගත් රෝගයකට මුහුණ පා තිබීම නිසාවෙන් ඇය සතියකට වරක් ආරෝග්‍යශාලා වෙත රැගෙන යෑමට සිදුවීමයි.

කෙසේ වෙතත් මෙම තත්වය හේතුවෙන් තමන්ට නිවසක් හෝ සාදා ගැනීමට නොහැකි තත්වයක් පවතින බව ද මෙම සිසුවා සඳහන් කරනවා.

දියණිය වකුගඩු ආශ්‍රිත රෝගයකින් පෙළෙන බවද එම නිසා සතියකට අවස්ථා දෙකක් ගලේවෙල සහ දඹුල්ල රෝහල්වලට රැගෙන යෑම සිදු කරන බවද ප්‍රතිකාර හා බෙහෙත් පරීක්ෂණ සදහා විශාල මුදලක් අවශ්‍ය බව මව අප සමග හැඩු කඳුලින් පැවසුවා.

කෙසේවෙතත් මෙම අසරණ පවුල ජීවත් වූ  කටුමැටි ගැසූ නිවස පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබෙනවා.

 විවිධ රැකියා  කරමින් සිටින මෙම සිසුවා තම ගෙවත්තේ වම්බටු මෑකරල් ආදී එළවළු වර්ග මංඤොක්කා වගා කර ගැනීමට ද අමතක නොකර සිටීම තවත් සුවිශේෂී කරුණකි

කෙසේවෙතත් මේ වන විට සැමියා දරුවන් බිරිඳ අතහැර ගොස් වසර තුනකට අධික කාලයක් වන බවත් මව සඳහන් කර සිටියා.

දරුවන් ජීවත් කරවන මෙම වැඩිමහලු පුතා සවසට ගෙදර එද්දි පියා නිවසට එන්නා සේ කුඩා දියණියට තම අනෙකුත් දරුවන් දෙදෙනාට විශාල සතුටක් දැනෙන බවත් ඔවුන් ලොකු අයියාට විශාල ආදරයක් ගෞරවයක් කරුණාවක් දක්වන බවද ද මව හැඬු කඳුළින් අප සමග සඳහන් කළා.

තම එකම බලාපොරොත්තුව බවට පත්ව ඇත්තේ මල්ලිලා දෙන්නට සහ නැගණියට මවට ජීවත්වීම සඳහා අඩුම තරමේ කාමර දෙකක් සකසා ගැනීම බව මෙම සිසුවා හඬා වැටෙමින් අප සමග සඳහන් කළා.