2022 මැයි 25, ප.ව. 8:10
හම්බන්තොට ගබඩා හන්දිය ප්‍රදේශයේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් තෙල් ලබා ගනිමින් අලෙවි කරනු ලබන තෙල් පිරවුම් හල වංචනිකව තෙල් සගවා ගෙන සිට ඉන්ධන මිල වැඩි වූ පසු එය අලෙවි කිරීමට විරෝධය පාමනින් ප්‍රදේශයේ ජනතාව එක්ව තෙල් පිරවුම් හල වටා ‘’තෙල්දීපං ගම‘’ යන නමින් ගමක් ද හදා ගනිමින් අඛණ්ඩ විරෝධතාවයක නියෙලිමින් තිබෙනවා.
පසුගිය 23 වනදා මධ්‍යම රාත්‍රියේ තෙල් මිල වැඩි වීමට පෙර 22 දා අදාල තෙල් පිරවුම් හලට රැගෙන එන ලද තෙල් ලීටර් 6000ක පමණ තෙල් බවුසරය ජනතාවට බෙදා දීමට කටයුතු නොකරමින් පසුව ඉන්ධන මිල වැඩි වූ පසු මෙම ඉන්ධන විකිනීමට කටයුතු කර තිබෙනවා.
කෙසේ නමුත් විරෝධතාවයේ නියෙලෙන ජනතාව පෙන්වා දෙන්නේ අදාළ තෙල් බවුසරය රැගෙන එන ලද්දේ ඉන්ධන මිල වැඩි වීමට පෙර දින බැවින් එදින තිබු මිල ගණන් යටතේම එම බවුසරයේ තිබු ඉන්ධන තොගය තමන් හට ලබා දෙන ලෙසයි.
එතෙක් අදාළ ඉන්ධන පිරවුම් හලට ගිලන්රථ, පාසල් ළමුන් හැර කිසිවෙකුට ඉන්ධන විකිනීමට අවස්ථාව නොදෙන බවත් ජනතාව පවසා සිටිනවා.
මේ ආකාරයෙන් ජනතාව පිඩාවට පත්කරමින් හම්බන්තොට අම්බලන්තොට ඉන්ධන පිරවුම්හල් කීපයක් මගින් කටයුතු කරනු ලැබුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු රාජ්‍ය නිලධාරියෙකු, දේශපාලඥයෙකු ඔවුන්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක නොකිරීම නිසා ජනතාව දැඩිසේ පිඩාවට ලක් වී තිබෙනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31