2022 මැයි 10, ප.ව. 3:48
හෝමාගම රෝහලට ඇතුලත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා හෝමාගම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
ඊයේ (09) දිනයේදී මාකුඹුර ප්‍රදේශයේදී ඔහු පහරකෑමට ලක් වුණා.
එම පහරදීමට හේතුවී ඇතැයි වාර්තා වන්නේ කුමාර වෙල්ගම මහතා ගමන් ගත් ජීප් රිය කොට්ටාව නගරයේ සිටි විරෝධතා දැක්වූ පිරිසක් යට කර ගෙන යාමට දැරූ උත්සාහයත් සමඟයි.
පසුව කොට්ටාව නගරය පසුකර හෝමාගම දෙසට ධාවනය කර ඇති එම ජීප් රිය පසුව කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ හයිලෙවල් මාර්ගයේ සිටි විරෝධතාකරුවන් පිරිසක් නවතා මන්ත්‍රීවරයාට සහ රියදුරුට පහරදී ජීප් රියට ගිනි තබා තිබෙනවා.
මෙම පහරදීමේ දී මන්ත්‍රීවරයාගේ හිසට සහ වම් අතට තරමක හානි සිදුවී ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රි මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.
කුමාර වෙල්ගම මන්ත්‍රීවරයාට සිදු කළ මෙම පහරදීමෙන් ඔහු මියගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතළ ලෙස තොරතුරු සංසරණය වුණා.