hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 මැයි 06, ප.ව. 1:00



පාර්ලිමේන්තුව අසල නව ගම්මානයක් ඉදි වී තිබෙනවා.

ඒ ‘හොරු ගෝ ගම’  නමින්.

ඊයේ (05) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද දැවැන්ත පා ගමන කෙළවර වූයේ, පොල්දූව වටරවුමෙන් වසා තබා පාර්ලිමේන්තු මාර්ගයට ශිෂ්‍ය අරගලකරුවන් ඇතුල්වීමට උත්සාහ කිරීමත් සමගයි.

විජේරාම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි දීර්ඝ පා ගමන හයිලෙවල් – නුගේගොඩ හරහා රාජගිරියෙන් පැමිණියේ බත්තරමුල්ල වෙතයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු සඳහා මාර්ග බාධක යොදා වසා දමා තිබූ පාර්ලිමේන්තු මාවතට උද්ඝෝෂකයින් ඇතුල්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ පොලීසිය සහ අරගලකරුවන් අතරයි.

යොදා තිබූ පොලිස් මාර්ග බාධක බිඳ හෙලමින් ඉදිරියට ගමන් කිරීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

ඉන් අනතුරුව විරෝධතාකරුවන් සිය අරගලය නොනැවතී රැගෙන යාමට ඊයේ රාත්‍රියේ දී බිඳ දැමූ පොලිස් මාර්ග බාධක උපයෝගී කරගනිමින් පාර්ලිමේන්තු මාවත අවට රැය පහන් කිරීමට අට්ටාල සැකසීම ආරම්භ කෙරුණා.

මේ සේරම අතරේ විරෝධය දක්වන අපූරු වැඩක් සිදු කරලා තියෙනවා.

ඒ තමයි විරෝධතාවයට විරෝධය දක්වලා හදපු වැටවල් උඩම යට ඇඳුම් වනන්නයි.

ඔන්න ඉතින් කට්ටිය දැන් ඒ වැඩ ටික පටන් අරන්.

https://youtu.be/JZTLFCja7E8
May be an image of 2 people and outdoors
May be an image of 3 people, outdoors and text that says 'HILINA KALUTHOTAGE PHOTOGRAPHY Fan'
May be an image of outdoors and text that says 'THILINA KALUTHOTAGE PHOTOGRAPHY'
May be an image of 1 person, outdoors and text that says 'THILINA KALU UTHOTAGE PHOTOGRAPHY PHOT ලංකා පොලීසිය GoTa goto HELL 8 IKA PO'