2022 දෙසැම්බර් 05, පෙ.ව. 8:33
රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පසුගියදා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා හමුවීමට පැමිණ තිබෙනවා.
ඒ ඔහුට කොළඹින් නිල නිවෙසක් ලබා ගැනීමටයි.
“මටත් නිවෙසක් ලබාගන්න ඕන කොළඹින්” යැයි ලේකම්වරයාගේ කාර්යාලයට ගොස් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ජගත් පුෂ්පකුමාර මෙලෙස පවසන අතරේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්, ලේකම්වරයාගේ නිල කාමරයට පැමිණ ඇතැයි වාර්තා වනවා.
“සර්, මේක අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායකතුමාගේ ගෙදර යතුර. ඒ නිල නිවෙස දැන් වෙන්කරලා තියෙන්නේ අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමාට.” යැයි අතිරේක ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ප්‍රකාශ කර තිබෙනවා.
“ආ මේ තියෙන්නෙ. මේක මට ඕන. මම මේක ගෙනියනවා.” යැයි කියමින් ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍යවරයා මේසය උඩ තිබූ යතුර ලබාගෙන තිබෙන බවයි රජයේ ආරංචි මාර්ග පැවසූවේ.
දේශපාලන ආරංචි මාර්ග පැවසූවේ මෙවන් ප්‍රකාශයක් සිදු කරමින් ඔහු යතුරද රැගෙන පිටව ගොස් ඇති අතර ලේකම්වරයාගේ විරෝධය අමාත්‍යවරයා නොතැකූ බවද සඳහන්.
කෙසේ වෙතත් අවසානයේ අමාත්‍යාංශය විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කළ බව දැනගන්නට තිබෙනවා.
මේ අතර පැය දෙකක් තුනක් තුළ අලුත් නිවෙසට ගොස් පදිංචි වීමට ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබුණා.
මේ අතර මෙම යතුරු සෙල්ලම සැලසුම්සහගත සිදුවීමක් ද යන්න පිළිබඳව ද සැකයක් මතුව ඇතැයි දැනගන්නට තිබෙන බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.
සාමාන්‍යයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යවරයාට ද කොළඹින් නිවෙසක් ලබාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළ යුතුයි. නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සිටි නිවස රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාට ලබාදීමට මෙවර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර තිබුණා.
අවසානයේ අපහසුතාවයට පත්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට ඉතා අපහසුවෙන් නිල නිවෙසක් සොයා දීමට කටයුතු කර ඇතැයි වාර්තා වනවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11