hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 25, ප.ව. 3:48



වත්මන් තරුණ පරපුරට කිසිඳු පෞරුෂයක්  නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ අයවැය විවාදයට එක්වෙමින් කියා සිටින්නේ  අවුරුදු 18ත් 20ත් අතර තරුණයින්ට  මාස 6ක හෝ හමුදා පුහුණුවක් ලබා දියයුතු බවයි.

දියේ ගිලෙන තරුණයෙකු බේරා ගැනීමට හෝ පොල් ගසකට නැග ගැනීමට තරම්වත් හැකියාවක් වත්මන් තරුණ පරපුරට නොමැති බවයි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටින්නේ.

“අද ජාතියේ විනය පිරිහිලා තියෙනවා. අද තරුණයන්ගේ කිසිම පෞරෂයක් නෑ. ජාතියක් වශයෙන් බෙලහීන වෙලා. අඩි 10ක වතුර තියෙන ගඟකට පැන්නොත් ඌ මැරෙනවා. මූදේ නාන්න යන්න බෑ. පොල්ගහකට නැග ගන්න බෑ. කිසිම වීර්යයක් නැති අධිෂ්ඨානයක් නැති දුර්වල ජාතියක් බවට අද අපේ රට පත්වෙලා තියෙනවා. අපිට 350000ක පාසල් ළමුන් ඉන්නවා. අපිට සන්නද්ධ පුහුණුව ලබා දෙන්න පුළුවන්. එක අවස්ථාවක අපි සරසවි  සිසුන් ඒ වෙනුවෙන් යොමු කළා. අවුරුදු 18 දී හෝ 20 දී අතර කාලය තුළ අවුරුද්දකට හෝ මාස 6කට මේ රටේ මුළු ජාතියම සන්නද්ධ හමුදා පුහුනුවකට යොමු කරන්න. ඒක රටට බලහත්කාරකමක් නෙමෙයි. කැදෙව්වොත් හමුදාවට යන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් 28ක් තියෙනවා.”