hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 24, ප.ව. 1:22



කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන බොහෝ දෙනෙක්ගේ හදවත සොරා ගත්ත ඒ වගේම පුංචි තිරය සහ රිදී තිරය කියන මේ දෙකෙන්ම තමන්ගේ දක්ෂතාවයන් ලෝකයට පෙන්නපු අපූරු කලාකාරිනියක් තමයි අනුෂා දමයන්ති කියන්නේ.

ඇය තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ 90 දශකයේ දී.

රංගන ශිල්පිනියක් වගේම ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්රය තුළ ගොඩක් දෙනෙක්ගේ ඇය හදවත දිනා ගත්තා.

නිතරම ටෙලිනාට්‍යවලින් ඇයව දැක බලා ගන්න අවස්ථාව උදා වුණේ නැතත් පසුගිය කාලේ විකාශය වූ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යය තුළින් අනූෂා දැක බලා ගන්න අවස්ථාව උදා වුණා.

ඉතින් රටේ තත්ත්වය ඒ විදියට තියෙද්දි තාම තනිකඩ ජීවිතයක් ගතකරන අනූෂා ලඟදිම විවාහ වෙන්න යනවා කියන්න සුභ ආරංචියක් ඔන්න අපිට ලැබුණා.

ඇය විවාහ වෙන්න තීරණය කරලා තියෙන්නේ මීට වසර කීපයකට කලින් නමුත් රට තුළ පැවතුණු තත්ත්වය නිසා ඒ සියලුම දේවල්  මගහැරිලා තියෙනවා.

ඒ වගේම ඇය හරිම චාම් සරල විවාහයක් ගන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා සඳහන් කළා.

කවුරුත් දන්නෙ නෑ අනුෂාගේ පෙම්වතා කවුද කියන්න ඉතින් ගොඩක් දෙනෙක් ආසයි ඔහු පිළිබඳව විස්තර දැනගන්න. 

අනූෂාගේ අත ගන්න යන්නේ අමිල ජයතිලක කියන ව්‍යාපාරිකයෙක්.

මීට වසර 14කට පෙරදී දැන හදුනා ගත් අමිල එක්ක විවාහ වෙන්න සිටියත් නැකත් ප්‍රමාද වීම නිසා දිනෙන් දින ඒ මංගල උත්සවය කල් ගියා.

27 වනදා උදේ 8.30 ඉදලා සවස 3.30 වනතුරු මේ උත්සවය පැවැත්වෙන්නේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී.