2022 ඔක්තෝබර් 23, පෙ.ව. 6:38
ඉකුත් උත්සව සමයට සමගාමිව මෙවර දීපවාලි උත්සව සමයේ රතිඤ්ඤා සහ ගිණිකෙලි නිෂ්පාදන මිල ඉහල යාම හමුවේ තම ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බව හැටන් ප්‍රදේශයේ රතිඤ්ඤා වෙලෙදුන් පවසනවා.
රතිඤ්ඤා අලෙවි කිරීම සදහා රජයේ පුපුරන ද්‍රව්‍ය පාලකවරයාගෙන් බලපත්‍රයක් ලබාගෙන මෙවර දීපවාලි උත්සව සමයේ රතිඤ්ඤා ඇතුළු ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කිරිමට කටයුතු කල බවත්, රතිඤ්ඤා ඇතුළු සෑම ගිණිකෙලි නිෂ්පාදනයකම මිල අධික ලෙස ඉහල යාම හමුවේ පාරිභෝගිකයන් ගිණිකෙලි නිෂ්පාදන මිල දි ගැනිමෙන් වැලකි සිටින බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.
ඉකුත් වසරේ රුපියල් 80 මිලකට අලෙවි කල කුඩා රතිඤ්ඤා පැකට්ටුවක් මෙවර උත්සව සමයේ රුපියල් 180 – 200 අතර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවත්, එයට සමගාමිව අනෙකුත් ගිණිකෙලි නිෂ්පාදන මිල 300% පමණ ඉහල ගොස් ඇති බවයි වෙලෙදුන් කියා සිටින්නේ.
වෙඩි බෙහෙත් ආනයනය කිරිමේදි පනවා ඇති ඉහල බදු සහ ගිණිකෙලි නිෂ්පාදනය සදහා වැය වන පිරිවැය අධික වීම හේතුවෙන් ගිණිකෙලි නිෂ්පාදන මිල ඉහල දැමිමට සිදු වි ඇති බව ගිණිකෙලි නිෂ්පාදකයන් තමන් කියා සිටි බවයි හැටන් නගරයේ ගිණිකෙලි නිෂ්පාදන අලෙවි කරන වෙලෙදුන් කියා සිටින්නේ.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31