hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 මාර්තු 19, ප.ව. 7:34


භූමිතෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මියයයි

මහනුවර නගරයේ භුමිතෙල් පෝලිමක සිටියදී සිහිසුන්ව ඇද වැටුණු පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි අයෙක්.

ඔහු නගරයේ පැවති ඉන්ධන පෝලිමක සිටියදී මෙලෙස ඇද වැටී අතර ගිලන් රථයකින් ඔහු රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මෙම පුද්ගලයා එම ස්ථානයේ වැටී සිටියදී ඉන්ධන පිරවුම්හලේ බලධාරීන් ඔහු රෝහල්ගත කිරීමට පියවර නොගත් බවට එහි සිටි පිරිස් චෝදනා කළා.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හලේ හිමිකරු සඳහන් කළේ පොලිසිය එම ස්ථානයට කැඳවා ගිලන් රථයක් ද ගෙන්වා වැටී සිටි පුද්ගලයා රෝහල් ගත කරනු ලැබුවේ තමන් විසින් බවයි.