2022 ඔක්තෝබර් 11, පෙ.ව. 6:01
අක්කර 80 ප්‍රදේශයට ඊයේ (10) පෙරවරුවේ අප යන විටත් මිය ගිය සුනඛයන්ගේ මළ සිරුරු එක තැන ගොඩ ගසා තිබෙන අයුරු දැක ගැනීමට හැකි වූ අතර තවත් පිරිසක් මියගිය සුනඛයන් සොයා එම වන ලැහැබ ප්‍රදේශ සෝදිසි කිරීමේ කටයුතුවල ද නිරත වෙමින් සිටියා.
මිය ගොස් සිටි සුනඛයන් අතර පැටවුන් ලැබීමට සිටි ගැබ්බර සුනඛ ධේනුවක් මෙන්ම පැටවුන් සහිත බැල්ලක මිය ගොස් සිටි අතර කුඩා පැටවෙකු මව නැති ශෝකයෙන් දැඩි කම්පනයට පත්ව මවගේ මළ සිරුර ආසන්නයේ නිදා ගනිමින් මියගිය මවගේ කිරි උරා බොමින් සිටින සංවේදී දසුන් අපට දැක ගැනීමට හැකි වුණා.
මෙම සතුන්ගේ අයිතිකරුවන් දැඩි සංවේගයට පත්ව හඬා වැටෙමින් කියා සිටියේ තම ගම්මානය ආසන්නයේ යම්කිසි අයෙකු සත්ව ගොවිපලක් පවත්වාගෙන යන බවත් එම ගොවිපලේ ඉවත් කරන සත්ව කොටස් ආහාරයට ගැනීම සඳහා සුනඛයන් නිතර නිතර එම ප්‍රදේශයට යන බවයි.
මෙම සුනඛයන් කිහිප දෙනෙකුගේ මළ සිරුරු එම සත්ව ගොවිපලට යාබද තිබී සොයාගත් බවත් අනිත් සුනඛයන් කීප දෙනෙකු නිවෙස්වලට පැමිණ වේදනාවක් විඳ මිය ගිය බවද ඔවුහු පැවසුවා.
කෙසේවෙතත් මෙම චෝදනාවට ලක්වන සත්ව ගොවිපලේ හිමිකරුගෙන් අප මේ පිළිබඳව විමසීමට ගොවිපොළට ගිය අවස්ථාවේදී එහි සිටි කාන්තාවක කියා සිටියේ ගොවිපල හිමිකරු ගලේවෙල පොලීසියට ගොස් ඇති බවයි.
පසුව අප ගලේවෙල පොලිසියට පැමිණ ගොවිපළේ හිමිකරු වන මොහොමඩ් මිහිලාම් මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ තමන් එම සුනඛයන් ඝාතනය කිරීම හෝ වස දැමීමක් හෝ කිසිවක් සිදු නොකළ බවයි.
තමන්ට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ගම්මුන් නගන චෝදනාව සම්පූර්ණයෙන්ම තමන් ප්‍රතික්ෂේප කරන බවද හෙතෙම සඳහන් කළා.
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:29
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:59
2022 දෙසැම්බර් 23, ප.ව. 1:57
2022 දෙසැම්බර් 23, ප.ව. 12:59
2022 දෙසැම්බර් 23, ප.ව. 12:07