2022 ඔක්තෝබර් 10, පෙ.ව. 7:21
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ආණ්ඩුවෙන් තනතුරක් ලබා දී තිබෙනවා.
ඒ අනුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබෙනවා.
වැඩසටහනේ පළමු රැස්වීම ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණු අතර, ජ්‍යෙෂ්ඨ උපදේශකවරිය වශයෙන් කුමාරතුංග මහත්මියද ඊට සහභාගි වී තිබෙනව බවයි වාර්තා වන්නේ.
පවතින තත්ත්වය තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම හදිසි ජාතික වැදගත්කමක් ඇති විෂයක් බැවින් රජයේ ආරාධනයෙන් එම වැඩසටහනේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස කටයුතු කිරීමට තමන් එකඟ වූ බව ඒ පිළිබද අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය පැවසුවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11
24-12-22
24-12-22
21-12-22
21-12-22
19-12-22
19-12-22
17-12-22
17-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
14-12-22
13-12-22
13-12-22
13-12-22
13-12-22
12-12-22
12-12-22
12-12-22
12-12-22
11-12-22
11-12-22