2022 අප්‍රේල් 28, පෙ.ව. 7:11
රටේ වගකීම භාර ගැනීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (ඊයේ) 27 අවධාරණය කළා.
ඔහු ඒ බැව් සඳහන් කළේ සමගි ජන බලවේගය සංවිධානය කරන මහනුවර සිට කොළඹට පැමිණෙන නිදහසේ පා ගමනේ දෙවෙනි දින ගමන මාවනැල්ලෙන් ආරම්භ කළ අවස්ථාව අමතමින්.
ජනමතය අවශ්‍යයි
ඒ වගකීම භාර ගන්නේ ජනමතයක් සමග බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
2020 මහ මැතිවරණයේදී රටේ ජනතාව 23.,9% ක ජනවරමක් , ලක්ෂ 27 කට වැඩි ඡන්ද ප්‍රමාණයක් , පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 54ක් සමගි ජන බලවේගයට ලබා දුන් බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කරන්නේ.
ඒ 23.9% න් රටේ වගකීම භාරගැනීමට තමා සූදානම් නැති බවත් රටේ වගකීම භාර ගැනීමට නම් රටේ බහුතර බලයක් ජනතාව ලබා දිය යුතු බවත් ඔහු සඳහන් කරනවා.
ඒ බහුතර ජනතාවගේ බලයත් සමඟ රට කෙතරම් අමාරු තැනක තිබුනත් රට ගොඩ නැගීමේ වගකීම භාරගන්නා බවට විපක්ෂ නායකවරයා සහතික වනවා.
මහ මැතිවරණයක් ඉල්ලීම
විපක්ෂ නායකවරයා කරණ ප්‍රකාශයෙන් පෙනී යන්නේ ඔහු කඩිනම් මහ මැතිවරණයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගයද සඳහන් කරන්නේ පවතින අර්බුදයට විසඳුම් වත්මන් පාර්ලිමේන්තුව සතුව නොමැති බවයි.
ඒ අනුව එම බලවේගයේ නායකයා වන අනුර කුමාර දිසානායක මහතාද කඩිනම් මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව මේ වන විටත් යෝජනා කොට තිබෙනවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11