hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:11



විස සහිත හාල් ලංකාවට ගෙනා බවට සති අග පුවත්පතක් පළ කර ඇති පුවත සකස් කිරීමට උපයෝගී කරගෙන තිබෙන්නේ 2017 වසරේ සිදුකළ පර්යේෂණයකට අදාළ වාර්තාවක් බවත් වාර්තාවේ අන්තර්ගත කරුණු දෝෂ සහිත බවත් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ලසන්ත රත්නවීර මහතා පෙන්වා දෙන බවට එම පුවත සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනයෙන් පෙන්නා දෙන්නේ එම පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව රත්නවීර මහතා පවසන බවයි.

එසේම මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය එවැනි පර්යේෂණයක් සිදුකර නොමැති බව වැඩබලන රෙජිස්ට්‍රාර්වරයා පෙන්වා දෙන බවද එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

පර්යේෂණ වාර්තාව නිසි පරිදි අධ්‍යයනයකින් තොරව වාර්තා කිරීම නිසා මහජන කැලඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවද රත්නවීර මහතා පෙන්නා දෙනවා.

මේ සිදුවීම හා පුවත්පත් වාර්තාව වෙනුවෙන් මූලාශ්‍ර ලබාදෙමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා පවසන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මෙම ප්‍රවෘත්තියට අදාළ අසත්‍ය තොරතුරු මාධ්‍ය වෙත ලබාදුන් පාරිභෝගික අධිකාරියේ ජේ‍යෂ්ඨ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.

සබැඳි පුවත් : ඊයම්, සෙලෙනියම්, කැඩ්මියම්, රසදිය විස එක්ක ලංකාවට ගෙන්වූ හාල් වල ඇත්ත