hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 27, පෙ.ව. 11:25



පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් මහතා හරියටම මීට මාස 2 කට පමණ පෙර ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට සහභාගි වුණා.

එහිදී ඔහු ප්‍රධාන කරුණු 2 ක් පෙන්වා දුන්නා.

ප්‍රධාන කරුණු දෙක

ඉන් එකක් වූයේ සමාජවාදී ක්‍රමයකින් තොරව ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් නැති බවයි.

අනිත් කාරණය වූයේ පුරවැසියා මැතිවරණයකදී ඡන්දය දී ඊළඟ මැතිවරණය පැමිණෙන තෙක් නිකම් බලා නොසිට සිය අයිතිවාසිකම් වෙනුවෙන් සක්‍රීයව දේශපාලනයට සහභාගි විය යුතු බවයි.

එය එදිනෙදා ජීවිතයේදී පුරවැසියන් තමන් කරන අනිකුත් කටයුතු මෙන් කළ යුතු බවත් එය පුරවැසියාගේ දෛනික ජීවිතයේ එක කොටසක් බවට පත් කර ගත යුතු බවත් එම සාකච්ඡාවේදී ගුණරත්නම් මහතා අවධාරණය කළා.

ගාලු මුවදොර අරගලය

මේ වන විට රටේ තරුණ පරපුර සිය අයිතිවාසිකම් වෙනුවෙන් ගාලු මුවදොර මුල් කොටගෙන රට පුරා දියත් කරන විරෝධතා ජනතාවගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්ව තිබෙනවා.

එය කුමාර් ගුණරත්නම් මහතා අදාල සාකච්ඡාවේදී කියූ මොඩලයට නෑකම් කියනවා.

ගුණරත්නම් මහතා දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් එම අදහස සමාජගත කළද අද ගාලු මුවදොර ක්‍රියාත්මක වන අරගලය හැඳින්වෙන්නේ නිර්පාක්ෂික අරගලයක් ලෙසයි.

අරගලයට ආශිර්වාදය

ඊට මේ වන විට සමාජයේ බහුතරයකගේ ආශිර්වාදය හා කැමැත්ත පළ වී තිබෙන අතර විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහායද ඊට ලැබී තිබෙනවා.

කුමාර් ගුණරත්නම් මහතා නිර්මාණශීලී අරගලකරුවෙකු මෙන්ම දක්ෂ සංවිධායකවරයෙකු ලෙසත් ප්‍රසිද්ධියක් උසුලනවා.

එම සංවාදය ඇතුලත් වීඩියෝව පහතින්,

https://youtu.be/IMaU4nvqqhE