2022 අගෝස්තු 28, ප.ව. 1:55
කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු සියලු ඉන්ධන තොග තම සංස්ථාව සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව දැනුම් දෙන්නේ, සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව ඩීසල්, පෙට්‍රල් ඇතුළු සියලු ම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය වන බවත් ආනයනික ඉන්ධන කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩාවවල පවතින බවත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා.
ඉන්ධන නොමැති බව පවසමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ත් කිසිදු අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහ ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
අදාළ නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවම කර හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීම කඩිනම් කිරීමට සංස්ථාව කටයුතු කරමින් සිටින බවයි.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31
19-12-22
19-12-22
05-12-22
05-12-22
22-11-22
22-11-22
22-11-22
22-11-22
25-10-22
25-10-22
16-10-22
16-10-22
07-10-22
07-10-22
07-09-22
07-09-22
06-09-22
06-09-22
03-09-22
03-09-22
01-09-22
01-09-22
01-09-22
01-09-22