2022 අප්‍රේල් 26, පෙ.ව. 10:14
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම මුල්කොටගෙන පාර්ලිමේන්තු මන්ත්‍රී සංයුතියේද වෙනසක් සිදුව තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.
ඒ විශ්වාසභංග යෝජනාවට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් ප්‍රකාශ කරන තමන් සමග සිටින මන්ත්‍රීවරුන්ගේ ගණනත් සමගයි.
එකසිය විස්සේ සහය
ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහය දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින බව උදය ගම්මන්පිල මහතා ඊයේ (25) සදහන් කළා.
ඒ මාධ්‍ය හමුව තබමින්.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේ මූලික ඉලක්කය වන්නේ අග්‍රාමාත්‍යවරයායි.
අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් නොවන්නේ නම් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන එන බව ස්වාධීන වූ ආණ්ඩුවේ මන්ත්‍රි කණ්ඩායම් ප්‍රකාශ කරනවා.
අගමැතිට ඉන්න ගාන
ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී ගම්මන්පිල මහතා විශේෂ හෙලිදරව්වක්ද කළා.
ඒ අග්‍රාමාත්‍යවරයා තව දුරටත් එම ධූරයේ රැඳී සිටිය යුතු බවට අත්සන් තබා ඇති මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳව.
ඔහු සඳහන් කළේ එසේ අත්සන් තබා තිබෙන්නේ මන්ත්‍රීවරු 46 ක් පමණක් බවයි.
පොදුජන පෙරමුණ මතය
එහෙත් පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා එය ප්‍රතික්ෂේප කරමින් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අවශ්‍ය බහුතරය තිබෙන බවයි.
ඒ සංඛ්‍යාව කීයද යන්න බව අද (26) රාජ්‍ය අමාත්‍යවරයෙකු වන සනත් නිශාන්ත මහතා හෙළිදරව් කොට තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ මන්ත්‍රීවරු 124 කගේ සහය අග්‍රාමාත්‍යවරයාට ලැබෙන බවයි.
මේ අනුව මේ දෙපාර්ශවය ප්‍රකාශ කරණ ගණන් හිලව් දෙස බලද්දී 225ක් සිටින පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව 244 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11