hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 අගෝස්‍තු 17, පෙ.ව. 10:53


පුත්තලම – කොළඹ මාර්ගයේ විරෝධතාවයක්

පුත්තලම – කොළඹ මාර්ගය හලාවත නගරයෙන් අවහිර කර ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරත වී සිටිනවා.

භූමිතෙල් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයටද බාධා මතුවී තිබෙනවා.