hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 16, ප.ව. 5:23



චීන නෞකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව පවත්නා දැඩි මිත්‍රත්වයට හානි නොකර ගෙන රජය කටයුතු කළ යුතු බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පලනි තිගාම්බරම් මහතා පවසනවා.

ඒ මහතා පෙන්වා දෙන්නේ ඉන්දියාවේ දැඩි විරුද්ධත්වය මතු වුවද චීනයේ යුආන් වැන්ග් (Yuan wang 5) නැමැති නිරීක්ෂණ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වී ඇති බවයි.

කෙසේ වෙතත් ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට ඕනෑම තීරණයක් ගැනීමට බලය ඇති බව පෙන්වාදෙන පලනි තිගාම්බරම් මන්ත්‍රීවරයා කියා සිටියේ චීන නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ඇමරිකාවේ මැදිහත්වීම මත රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයක් මේ වන විට හටගෙන තිබෙනවා. එය ලෝක ආර්ථිකයට ද දැඩි ලෙස බලපෑමක් එල්ල කර තිබෙනවා. ඇමරිකානු කතානායකවරිය තායිවානයට පැමිණීමත් සමඟ චීනය විසින් තායිවානයට දැඩි බලපෑම් එල්ල කිරීම යුද අභ්‍යාස පැවැත්වීම වැනි ස්වාධීන රටකට බලපෑම් එල්ල නොකළ යුතුයි. පවතින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්නායක පවා උල්ලංඝනය වී තිබෙනවා. ඉන්දියාව ද නිරන්තරයෙන් ලක් රජයට පෙන්වා දෙනු ලැබුවේ මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණිම තම රටේ ආරක්ෂාවට තර්ජනයක්. කලාපීය ආරක්ෂාව සහ සාමය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට ඇති වගකීමෙන් බැහැර විය නොහැකියි. මෙවැනි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා රජය ඉන්දියාව සහ චීනය සමග ගනුදෙනු කිරීමේදී ඉතා සුපරික්ෂාකාරී විය යුතුයි. එමෙන්ම මෙරට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක අසල්වැසි සහෝදරයකු ලෙස ඉන්දියාව මෙරට සිදුකරන උපකාරයන් රජය විසින් කිසි විටෙකත් අමතක නොකළ යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: