2022 අගෝස්තු 03, ප.ව. 3:29
කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට නීති විරෝධී ලෙස මුලින්ම ඇතුළු වූ පුද්ගලයා කොළඹ උතුර කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මෙලෙස නීති විරෝධීව ඇතුළු වී ඇත්තේ උල් පිහියක්ද අතැතිව බව කියන පොලිසිය මොහු ළඟට ආවොත් පිහියෙන් කපන බවට නිලධාරීන්ටද තර්ජනය කර ඇතැයිද පවසයි.
එසේ නොමැති නම් එම පිහියෙන් තම ගෙල කපා ගන්නා බවටද ඔහු නිලධාරීන් ඉදිරියේ පවසා ඇතැයි කරන ලද විමර්ශනයේදී අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.
මොහුගේ මෙම ප්රචණ්ඩ හැසිරීමත් සමඟ විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට නීති විරෝධී ලෙස ඇතුළු වී ඇති බවට නිරීක්ෂණය වී තිබූ බවද පොලිසිය පෙන්වා දෙනවා.
මෙම සැකකරු පසුගිය ජූලි මස 09 වැනි දින ඇති වූ අරගලයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රථමයෙන්ම ඇතුළු වූ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02) නියෝග කළා.
ඒ අනුව සැකකරු ලබන 05 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළා.
මේ අතර ලංකාවේ සිදු වූ සිදුවීමට සම්බන්ධ සිදුවීමක් අමෙරිකාවේද සිදු වුණා.
2021 වසරේ ජනවාරි 6 වන දා අමෙරිකානු කොංග්රස් මණ්ඩලය පවත්වාගෙන යන කැපිටල් ගොඩනැගිල්ල ආශ්‍රිතව ඇති වූ කැරල්ල මෙහෙයවූ බවට චෝදනා එල්ල වී සිටි ගයි රෙෆිට් හට වසර 7කට වැඩි සිර දඩුවමක් නියම කර තිබෙනවා.
49 හැවිරිදි ගයි රෙෆිට් ටෙක්සාස්හි පදිංචි තෙල් කම්කරුවෙකු බවයි පැවසෙන්නේ.
නඩු විභාගයේදී යොදා ගැනුණු වීඩියෝ දර්ශනවලට අනුව අනාවරණය වී තිබුණේ, ඔහු පොලිසිය සමග ගැටුම් ඇති කර ගනිමින් කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් කැරලිකරුවන් ඇතුළු කිරීමට උත්සහ කර ඇති බවයි.
මෙහිදී ඔහුට එරෙහිව ඔහුගේ පුත්‍රයා ද සාක්ෂි ලබා දීම විශේෂත්වයක්.
ඔහුගේ පුත්‍රයා වන ජැක්සන් රෙෆිට් සාක්ෂි ලබා දෙමින් පවසා තිබුණේ, සිය පියා “ඔබ මාව නතර කරන්නේ නම් ඔබ ද්‍රෝහියෙක්. ද්‍රෝහීන්ට දඩුවම මරණය,” යනුවෙන් තමන්ට ද තර්ජනය කළ බවයි.
අදාළ දිනයේදී රූගත කරන ලද දර්ශනවලින් ද අනාවරණය වී ඇත්තේ, ඔහු කැරලිකරුවන්ට අනුබල දෙමින් ක්‍රියා කළ බවයි.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31