hit counter

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 9:05



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් අඛණ්ඩව ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් අද (03) දින විවෘත කර තිබෙනවා.

ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශ වේල්ලේ සෙසු වාන් දොරටු ස්වංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට අඩි 05 කට ආසන්න වි ඇති බවත්, කාසල්රි ජලාශයද පිටාර මට්ටමට අඩි 06කට ආසන්න වි ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩෙවොන් දිය ඇළි වල ජල ධාරිතාව ඉහල ගොස් තිබෙනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ