hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 9:39



ශලනි තාරකා කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ වාර්තා පිට වාර්තා තබමින් සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය විසින් වසර 20කට වඩා පැරණි වාර්තාවක් බිඳ හෙළන්නේ එක්තරා අවස්ථාවක සම්මාන උළෙලකදී  දක්ෂතම සහ ජනප්‍රියතම නිළිය යන තේමාවන් දෙක යටතේ සම්මානයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වීමත් සමගයි.

මේ දවස් වල අපිට ඇයව බොහෝ දුරට දැකබලා ගන්නට ඉඩකඩ තියෙන්නේ  කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ස්නේහා කියන චරිතය සහ චලෝ ටෙලි නාට්‍යය තුළින්.

ඉතින් මේ ටෙලි නාට්‍යය දෙකටම මේ වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.

ඒ වගේම ඇය විසින් රංගනයෙන් දායක වූ ගිරි දේවි, අග්නි පියාපත් සහ අඩෝ කියන ටෙළි නිර්මාණයන් ශලනිගේ රංගන ජීවිතයේ විශිෂ්ටම නිර්මාණයන් අතරින් කීපයක්.

ඒ වගේම තමයි මෑතකදී හිරු නාලිකාවේ විකාශය වූ සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නාට්‍යයේ සත්සරනිගේ චරිතය කළේ ශලනි.

නමුත් ඇය මේ වෙද්දි ඒ චරිතයෙන් අයින් වෙලා.

කොහොමෙන් කොහොම හරි ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගතකරන ශලනි මාසෙකට ටෙලි නාට්‍ය දෙක තුනක රංගන කටයුතු වල නිරත වෙනවා.

ගොඩක් දෙනෙක්ගේ හදවත දිනා ගත්තු  කියාදෙන්න ආදරේ තරම් ස්නේහගේ චරිතයට අද වෙද්දි ඉහළ ප්‍රේක්ෂක ආදරය ලැබීමත් එක්ක ඒ සම්බන්ධයෙන් පසුගිය දවසක ශලනි තාරකා පුවත්පතකට අදහස් කිහිපයක් එකතු කරලා තිබුණා.

ඒ ගැන කිව්වෙ ඇය කිව්වේ මේ වගේ කතාවක්.

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය මම රංගනයෙන් දායක වන ස්නේහාගේ චරිතයට වයස් භේදයකින් තොරව හැමෝම ආදරෙයි. මේ කතාව යන්නේ ස්නේහා නම් ධනවත් තරුණිය වටා වටායි ඇය ආදරේ කල තරුණයා හදිසියේම රිය අනතුරකින් ජීවිතෙන් සමු ගන්නවා. කාලයක් යද්දි ඇයට ඇගේ මිය ගිය පෙම්වතාට සමානකම් ඇති තරුණකම වුණා ඉතින් ඒ සිදුවීම් අලලා තමයි මේ කතාව යන්නේ. මේ චරිතය මගේ සැබෑ ජීවිතේ එක්ක තරමක් සමීපයි මගේ ඇත්ත ජීවිතය සිද්ධ වුණු යම් යම් දේවල් නිසා මටත් මේ චරිතය තරම සමානකමක් දැනිලා තියෙනවා”