2022 අප්‍රේල් 22, ප.ව. 4:16
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආපන ශාලාව වසා දමන ලෙස ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයෙකු පාර්ලිමේන්තු සභා ගැබේදීම ඉල්ලීමක් කළා.
ඒ හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම නියෝජ්‍ය කතානායකවරයෙකු වූ චන්දිම වීරක්කොඩි මහතායි.
හේතු දෙකක්
ඒ සඳහා ඔහු හේතු දෙකක් පෙන්වා දුන්නා.
එකක් පාර්ලිමේන්තු ආපන ශාලාවද තවත් නාස්තිකාර ස්ථානයක් වීමයි.
දෙවැන්න මන්ත්‍රීවරයකුට සිය අදහස් පළ කිරීමට ඇති ස්ථානය වන පාර්ලිමේන්තුවේ විනාඩි 5 ක් කතා කිරීමට ලබාදී පැයක් කෑමට ලබා දීමයි.
කතානායකවරයාට චෝදනා
ඒ සම්බන්ධයෙන් ඔහු චෝදනා එල්ල කළේ කතානායකවරයාට.
ඒ නිසා කෑමට නතර කරන පැයද මන්ත්‍රීවරුන්ට සිය අදහස් පළ කිරීමට ලබා දෙන ලෙස වීරක්කොඩි මහතා ඉල්ලා සිටියා.
ඒ සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රී ආපන ශාලාව වසා දැමීම ප්‍රයෝජනවත් වන බව ඔහු අවධාරණය කළා.
ජනපතිගේ අවධානයට
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට වුවද ජනපතිවරයා මුණ ගැසී අදහස් පළ කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බැවින් පාර්ලිමේන්තුවේ පළ කරන අදහසක්වත් ජනපතිවරයා සිය අවධානයට ගනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
මන්ත්‍රීවරයා ඉහත සඳහන් යෝජනා කළේ ඔහුට කතා කිරීම සඳහා විනාඩි 5ක කාලයක් ලබාදීම මුල් කොටගෙන.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31